චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත් වෙයි!


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් තාවකාලිකව ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඒ සිය පිතිකරණයේ පවතින දුර්වලතා මග හරවා ගනිමින් ආත්ම විශ්වාසය වැඩි දියුණු කර ගැනීමේ අරමුණින් බවටයි වාර්තා වෙන්නේ.


ඒ අනුව සිය පිතිකරණය හැකියාව වැඩිදියුණු කර ගැනීම සදහා දිනේෂ් චන්දිමාල්  දේශීය ක්‍රිකට් තරග සදහා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

 එළඹෙන ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු අතර සිටින ජේෂ්ඨ ක්‍රීඩකයෙකු නායකත්වය සදහා පත් කිරීමට ඉඩ ඇති  අතර, චන්දිමාල් ගේ මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන ප්‍රධාන පෙළේ නිළධාරීන් කියා සිටියේ මේ පිළිබඳව මෙතෙක් තමන් වෙත නිල වශයෙන් තහවුරු කිරීමක් සිදුකර නොමැති බවයි.

මේ අතර එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා සංචිතයට නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ඇතුලත් වීමට නියමිතයි. එමෙන්ම ඉකුත් දිනවල ශ්‍රී ලංකාවේ පැවති අයර්ලන්ත ඒ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර තරගාවලියේදී දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට එළඹෙන දකුණු අප්‍රිකානු සංචාරය සඳහා ජාතික කණ්ඩායමට කැඳවීමට ඉඩ ඇති  අතර, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (05) ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නව දකුණු අප්‍රිකානු තරග සංචාරය සඳහා නම් කරන ලද සංචිතය ඔහුගේ අනුමැතියට යැවීමට නියමිතව තිබෙනවා.

Powered by Blogger.