ගුවන් යානයක සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු හදිසියේ මියයයි


කුවේට් සිට ශ්‍රී ලංකාව බලා අද (05) දින අලුයම පැමිණෙමින් තිබූ ගුවන් මගියෙකු එම ගුවන් යානය තුළ දී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යයභාර නිලධාරීවරයා ප්‍රකාශ කළා.

 හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වී ඇති බවයි  ගුවන් තොටුපළ වෛද්‍යවරුන් ප්‍රකාහ කළේ.

59 හැවිරිදි මොහු ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු වන අතර,  අද දින උදෑසන 6.10 ට කටුනායක ගුවන් තොටුපළ වෙත කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානයේ ගමන් ගෙන තිබෙනවා.
Powered by Blogger.