වෙල්ගමගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තමාගේ සහය කිසිසේත් නොලැබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරනවා. හාලිඇල ප්‍රදේශයේ දී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් තරග වැදීහට ඉඩ නොදන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයට රාජපක්‍ෂවරයෙක් ඉදිරිපත් කිරීම පොහොට්ටුවේ අදහස නිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටු සහාය නොලැබෙනු ඇතැයිද ඔහු කියා සිටියා.

මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වුවහොත් තම සහයෝගය ලබා දෙන බවත් වෙනත් කිසිවෙකුට තම සහාය ලබා නොදෙන බවත් ඔහු තව වැඩිදුරටත් කියා සිටියා.

No comments

Powered by Blogger.