අස්ථි සාම්පලවල කාල නීර්ණ වාර්තාවේ මුල් පිටපත් අධිකරණය වෙත ලැබෙන තුරු නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි - අධිකරණය දැනුම් දෙයි



මන්නාරම, සමූහ මිනීවළ තුළින් ලබාගත් අස්ථි සාම්පලවල කාබන් පරීක්ෂණ කාල නීර්ණ වාර්තාව අද(20) මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා. ඒ මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී සමින්ද්‍ර රාජපක්ෂ මහතා විසින්.

නමුත් අදාළ වාර්තාවේ මුල් පිටපත් නිල වශයෙන් අධිකරණය වෙත තවමත් ලැබී නොමැති බැවින් දැනට ලැබී ඇති වාර්තාව සම්බන්ධයෙන් නිශ්චිතව යමක් ප්‍රකාශ කළ නොහැකි බවයි මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා මහතා අධිකරණයේ දී දැනුම් දුන්නේ.

මහේස්ත්‍රාත්වරයා පැවසූවේ මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන් සමින්ද රාජපක්ෂ මහතා අධිකරණය වෙත ඉදිරිපත් කොට ඇති නමුත් අදාළ වාර්තාව සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබි ඇති බවයි.

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ලැබී ඇති වාර්තාව වෛද්‍යවරයා වෙත පමණක් ලැබී ඇති අතර, අදාළ වාර්තාවේ දෘඪ පිටපතක් අධිකරණය වෙත ලැබීමට නියමිත බැවින් අදාළ වාර්තාව ලද විගස වාර්තාව සම්බන්ධයෙන් අදාළ පාර්ශව දැනුවත් කරන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි ප්‍රකාශ කළේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩු විභාගය එළැඹෙන 25 වැනිදා දක්වා කල් තබන බවද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කෙරිණ.

සමූහ මිනිවළ තුළින් මේ වන විට දින 146 ක් පරීක්ෂණ පවත්වා ඇති අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 323 ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට හැකිවි ඇති අතර, අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 314 කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 28දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතින බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ අධිකරණ වෛද්යො නිළධාරීන් සමින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත එළැඹෙන 20 වැනි බදාදා ඉදිරිපත් කිරීමට නියමිත අතර,එහිදි අදාළ වාර්තාව විවෘත අධිකරණයේදි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පොදු ලියවිල්ලක් බවට පත්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තමන් අදහස් දක්වන බවයි.

මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්,පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ කැලණිය විශ්වවිද්‍යාල ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා,අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබා ගැණින.

රාජපක්ෂ මහතා පැවසූවේ සියලු පාර්ශව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගත් අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියලු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගත් බවයි.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.

No comments

Powered by Blogger.