මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසගෙන් ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා ප්‍රශ්ණ කරයි - අංගොඩලොක්කාත් සාදයට පැමිණි බවට තොරතුරු



ඩුබායී හීදී අත්අඩංගුවට ගැණුනු මාකඳුරේ මධුෂ්  පිරිස අතර සිටි තිවත් පුද්ගලයන් පිළිබඳව තොරතුරු රැසක් අණාවරනය වෙනවා.

ඩුබායි කලීජා ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරසිටියේ අත්අඩංගුවට ගනු ලැබු පිරිස අතර රාජතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයෙක්ද සිටින බවයි. එමෙන්ම ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා හා ඔහුගේ පුත් නදීමාල් පෙරේරාද ටෙලි නාට්‍ය නළුවෙකු වන රයන් වැන් රූයන් ද ඔවුන් සමග සිටියදී අත්අඩංගුවට ගැනුණා. එමෙන්ම මෙරට රියලැටි තරගයක් නියෝජනය කල බව කියන ගායකයින් 06 දෙනෙක් ද ඇතුලත්.

 ප්‍රබල පාතාල නායකයින් වන කෙසෙල්වත්තේ දිනුක, කනිචපානි ඉම්රාන්,  අංගොඩ චුට්ටා ද ඒ අතර සිටිනවා.

මෙම පිරිස මේ වනවිට ඩුබායිහි බන්ධනාගාර සිර මැදිරියක රඳවා සිටින අතර, ඔහුන්ගෙන් රුධිර සාම්පල ද ලබාගෙන තිබෙන බවයි එරට මාධ්‍ය වාර්ථා කර තිබුණේ.

 ශ‍්‍රී ලංකා සහ ඩුබායි බලධාරීන් එක්ව මෙම මෙහෙයුම සිදු කළ බවත්, ඉදිරි පරීක්ෂණ ද දෙරටේ බලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදුවන බවත්, එම මාධ්‍ය වාර්ථාවල වැඩිදුරටත් සඳහන්.

කෙසේ වෙතත් මෙරට අපරාධ රැසකට සම්බන්ධ මාකඳුරේ මදූෂ් නැමැත්තා කලක් තිස්සේ ඩුබායිහි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබුණු අතර,  කලූ තුෂාර නැමැති තවත් පාතාල කල්ලි සාමාජිකයෙකුගේ බිරිඳ සමග  එහි රැඳී සිට ඇති බවයි වාර්තා වන්නේ.

මධූෂ් ඇතුලූ පිරිස අත්අඩංගුවට පත්වූ සුපිරි හෝටලයේ පැවැති සාදය සංවිධාන කර තිබුණේ ද ඔවුන්ගේ පුත‍්‍රයාගේ උපන් දිනය වෙනුවෙන්.

තවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අංගොඩ ලොක්කා ද අදාළ සාදයට පැමිණ ඇති බවට ද තොරතුරු වාර්තා වනවා. සාදය පැවති ස්ථානයෙන් පිටත සිට ඇති ඔහු වැටලීම සිදුවනු දැක හෝටල් පරිශ‍්‍රයෙන් පලා ගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
Powered by Blogger.