ඉරිදා සහ පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති තහනම් වෙයි!



පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා සහ පෝය දිනවල පැවැත්වීම වැලැක්වීමේ යෝජනාවට  අමාත්‍ය වරුන් 4 දෙනෙකුගෙ අත්සනින් යුතු පත්‍රිකාවක් නීතිපති උපදෙස් ලබා ගැනීමට යොමු කර තිබෙනවා.

බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා කියා සිටියේ අදාළ යෝජනාවට කතෝලික ප්‍රජාව නියෝජනය කරමින් අමාත්‍ය ජෝන් අමරතුංග, ඉස්ලාම් දහම නියෝජනය කරමින් අමාත්‍ය ඒ. එච්. එම් හලීම්, හින්දු ආගමික කටයුතු වෙනුවෙන් අමාත්‍ය මනෝ ගනේෂන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් අත්සන් තබා ඇති බවයි.

ඒ පිළිබඳව කථානායක කරූ ජයසූරිය මහතා ද දැනුවත් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.


No comments

Powered by Blogger.