උපක්‍රමශීලීව ආයතනවල එකාදීපතීත්වය පතුරවමින් ධම්මික පෙරේරා පවා අබිබවා යාමට සූදානම් වන මුස්ලිම් ව්‍යාපාරිකයා මෙන්න



1969 සිට මෙරට තේ, බලශක්ති නිශ්පාදන, බෙහෙත් ආනයන, දේපළ වෙළදාම් යන ක්ෂේත්‍ර රැසකම  සිය අණසක පතුරවමින් වාර්ශිකව රුපියල් බිලියන ගණනක ලාභයක් උපයමින් උපක්‍රමශීලී සහ ඉතා නිහඬව අක්බාර් බ්‍රදර්ස් සමාගම මේ වන විට ඉතා දැවැන්ත ව්‍යාපාර සමූහයක ආධිපත්‍ය පතුරවමින් සිටිනවා.

විවිධ මාධ්‍යන් ඔස්සේ විශාල ලෙස කතා බහට ලක්වෙන ශ්‍රී ලංකාවේ අංක එකේ සල්ලිකාරයා ලෙස ධම්මික පෙරේරායි. එහෙත් ඔහුව අභිබවා යාමට පවා අක්බාර් බ්‍රදර්ස් සමාගමට තව නොබෝ දිනකින් හැකිවනු ඇතැයි බොහෝ ව්‍යාපාරිකයන්ගේ මතය වී තිබෙනවා.


2010 වසරේදී  අක්බාර් බ්‍රදර්ස් සමාගම ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රයට පිවිසීමත් සමගම,  විනිවිද භාවයකින් තොරවූ ටෙන්ඩර් ක්‍රියාදාමයන් හරහා ඔවුන් බලශක්ති ක්ෂේත්‍රය තුල ඉතා වේගවත් ගමනක් යාමට උත්සාහ කරමින් සිටින අතර එහි ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ නිපදවන මෙගාවොට් 150ක ධාරිතාවයෙන් මෙගාවොට් 120ක්ම නිපදවන්නේ අක්බාර් සහෝදර සමාගම සතු වනවා.  ඔවුන් කිසිදු විටක සුළං විදුලි ක්ෂේත්‍රයට අන් කිසිදු සමාගමකට පිවිසීමට ඉඩ ලබා නොදෙන්නේ,  විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ ඉහළ රාජ්‍ය නිලධාරීන් සියල්ල වෙත කොමිස් මුදල් පිරිණමින් සියලූම ටෙන්ඩර් සිය සමාගම වෙත ලබා ගැනීමට ක්‍රියා කිරීම තුළිනි.


එමෙන්ම මේ දිනවල බොහෝ ආන්දෝලනයට තුඩුදී සිටින  කෙරවලපිටිය එල්.එන්.ජී බලාගාරය ඉදිකිරීම සදහා වන ටෙන්ඩරය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කොමිස් මුදල් ලබා ගැනීමේ අරමුණෙන් චීන සමාගමකට ලබාදීමට  පිටුපස සිටින්නේ කවුරුන්ද යන  වග බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක්.

එසේ එම ටෙන්ඩරය චීනයට ලබාදීම සඳහා දේශීය ඒජන්තවරයා වශයෙන් කටයුතු කරන්නේත් අක්බාර් බ්‍රදර්ස් සමාගමයි.  චීනයට 75% සහ අක්බාර් බ්‍රදර්ස් සමාගමට 25%ක  අයිතියක් හිමිවන ලෙස මෙම  ගණුදෙනුව ක්‍රියාත්මක වෙමින් පවතින අතර, විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩගේ පූර්ණ ආශිර්වාදය ඊට හිමියි.

මෙතෙක් සුළං විදුලිබල ක්ෂේත්‍රයේ ඒකාධිකාරය පවත්වාගෙන ගියා සේම මින් ඉදිරියට තාප විදුලිබල ක්ෂේත්‍රයේ බල ඒකාධිකාරයක් පවත්වාගෙන යාම සදහා චීනයේ සහායද සහිතව කටයුතු කිරීම අක්බාර් සහෝදර සමාගමේ මූලික අරමුණ වී තිබෙනවා.

චීනය කියූ සැණින් මෙරට දේශපාලකයින් ඇඹරෙන අතර කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් ඔවුන් මෙරට ආර්ථිකයේ ප්‍රමුඛ කේන්ද්‍රයන් සිය අණසකට යටත් කරගනිමින් සිටිනවා.

ලංකාවේ ස්වදේශික ව්‍යාපාර අඩපණ කරමින්  මුස්ලිම් සහ චීන ව්‍යාපාරික කල්ලීන් විසින් කරගෙන යනු ලබන මෙම ආක්‍රමණකාරී ව්‍යාපාර විසින්  නුදුරේදීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධානම ක්ෂේත්‍රයන් සියල්ලෙහිම බලය අරාබියට නැත්නම් චීනයට හිමිවනු ඇතී.

No comments

Powered by Blogger.