බ්‍රිතාන්‍ය රජ පවුල සැඟවූ රහසක් මෙගන් මාකල්ගේ හොඳම හිතවතිය මාධ්‍යට හෙළිකරයි



බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරුගේ බිරිඳ මෙගන් මාකල් ලබන අප්‍රේල් මස සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සිදු කිරීම මේ වනවිට විදෙස් මාධ්‍ය තුළ විශාල කථාබහකට ලක්වන මාතෘකාවක්. මීට ටික දිනකට පෙර ඇය ඇමරිකාවේ නිව්යොර්ක් නුවරදී ඇගේ හොලිවුඩ් මිතුරු මිතුරියන් කිහිප දෙනෙකු හා එක්ව ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් පවත්වන  "බේබි ෂවර්" එකක් පවත් වා තිබෙනවා.

එහිදී එක් මිතුරියක් වන  Abigail Spencer මෙම සාදය පැවති හෝටලය වෙත ගමන් කරද්දී පිරිමි දරුවෙකුට ගැළපෙන තෑගි නිල් පැහැති කවරවලින් සරසා ගෙනගොස් ලබාදී ඇත. මෙම සිදු වීම  ඇමරිකානු මාධ්‍ය තුළ දැඩි කතා බහට ලක් වීමත් සමගම ඇය පවසා ඇත්තේ  මෙගන්ට ලැබෙන්නේ පිරිමි දරුවෙකු බවත්, ඒ පිළිබඳව  ස්කෑන් පරීක්ෂණයෙන් හෙළිව ඇති බවයි.
එහෙත් එම කාරණාව රහසක් වශයෙන් තබාගැනීම සාමාන්‍ය සම්ප්‍රදාය වන නිසා මාධ්‍ය වෙත හෙළි කිරීමට ඇය කටයුතු නොකල බවත් පවසා තිබෙනවා.

No comments

Powered by Blogger.