දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට සීල් තබයි


රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මූලික පරීක්ෂණවලට අදාළව සිදුකරගෙන යන පරීක්ශන කටයුතු සඳහා දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ ගිනිඅවි සේප්පුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුද්‍ර තබා තිබෙනවා.

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකක කාර්යාලයට මේ වන විට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා ඇති අතර, මංජුල අසේල හා රෂීන් චින්තක නමැති ව්‍යාපාරිකයින් දෙදෙනා ,පැහැරගැනීමෙන් පසු අක්මීමන ප්‍රදේශයේ නිවසත් තුළදී ඝාතනය කර වලස්මුල්ල මැදගංගොඩ උඩදෙණිය රක්ෂිතය තුළදී සිරුරු ගිනි තබා විනාශකර ඇති බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව මීට පෙර අනාවරණය කළා.

පසුව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරු කිරීමට ද පියවර ගත් අතර,  ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරීන් 15 දෙනාගෙන් 03 දෙනෙකු මෙතෙක් සිය සේවා ස්ථාන වෙත වාර්තා කර නෑ.

එමෙන්ම  දකුණු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශේෂ විමර්ශන ඒකකයේ ඉතිරිව සිටින පොලිස් නිලධාරීන් 10 දෙනාට ද ස්ථාන මාරුවීම් ලබාදීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.

අවශ්‍ය වුවහොත් එම ඒකකය විසුරුවා හැරීමට පියවර ගන්නා බවයි අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම ඒකකයට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 25කි.

No comments

Powered by Blogger.