මහරගම පොලිසියේ කොස්තාපල්වරයෙක් කැන්ටිමේදී රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානි කරගෙන


මහරගම පොලිස් ස්ථානය තුළදී පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
මහරගම පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරී කළ මෙම පොලිස් නිළධාරියා උදේ 09.45 ට පමණ පොලිස් ස්ථානයේ ආපනශාලාව අසළදී රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

මෙලෙස මියගියේ වයස අවුරුදු 29 ක් වූ නො 811, තලාව අනුරාධපුර ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේල්ලාගේ මනෝජ් දිසානායක නමැත්තෙක්.
ප්‍රේම සම්බන්ධතාවයක් බිඳීයාම නිසා ඇතිවූ කලකිරිමෙන් ඔහු වී ඇති අතර, මෘතශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

No comments

Powered by Blogger.