කාන්තාවන්ගේ කලවා ප්‍රදේශ හා දරුවන්ට කිරිදෙන අවස්ථාවල මව්වරුන්ගේ පපු ප්‍රදේශය ඡායාරෑප ගත්ත අසහන කාරයා අත්අඩංගුවට


දෙවට වෙරළ තිරයේ දි සිය ජංගම දුරකථනයෙන්  කාන්තාවකගේ පාදවල පහළ ප‍්‍රදේශ හා  කන්තාවන් විසින් දරුවන්ට කිරිදෙන ආකාරය ඡායාරුප ගත කළ මැදිවියේ පුද්ගලයකු පෙරේදා රාත‍්‍රි ගාල්ල වරාය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 කුරුණැගල ප‍්‍රදේශයේ සිට පැමිණ සිටි කාන්තාක් ඇතුළු පිරිසක් දෙවට වෙරළ තිරයේ ඇවිදමින් සිට ඇති අතර එම අවස්ථාවේ ඉතා සූක්ෂම ලෙස
අදාල සැකකරු කාන්තාවගේ පාද හා කළවා ප්‍රදේශයන් ඡයාරුප ගතකරන අයුරු ඇගේ සැමියා විසින් දැක තිබෙනවා.

 වහාම ක්‍රියාත්මක වූ සැමියා සැකකරුගේ ජංගම දුරකථනය උදුරාගෙන පරීක්ෂා කර  ඇති අතර, එහිදී දැකගන්නට ලැබී ඇත්තේ සිය බිරිඳගේ පාදවල පහළ ප‍්‍රදේශ හා  කන්තාවන් විසින් දරුවන්ට කිරිදෙන ආකාරය ඡායාරුප විශාල ප්‍රමාණයක්. පසුව සැමියා මේ පිළිබඳ ගාල්ල වරාය පොලිසියට පැමිණිලි කර ඇති අතර, අනතුරුව අදාල සැකකරු අතඅඩංගුවට ගැනීමටයි පියවර ගෙන ඇත්තේ.

No comments

Powered by Blogger.