අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශ පැමිණි කුරු මිනිසෙකු කාන්තාවකට පහර දෙයි - නිට්ටෑවෙක් දැයි ගම්මුන් කළබලවෙයි - Video


අම්පාර තොට්ටම වරාලන්ද හේන් යායට පැමිණෙන කුරු මිනිසාගේ කතාව තවමත් ඉවර නෑ.  අම්පාර තොට්ටම වරාලන්දේ සිදු වූ සිද්ධිය යටපත් වෙන්නටත් මත්තෙන් අනුරාධපුර විලච්චිය ඇත්දත්කල්ල ප්‍රදේශයේ අද දිනයේත්  අද්භූත  කුරු මිනිසෙකු පිලිබඳව වාර්ථා වෙනවා.

මෙවර එම කුරු මිනිසා කාන්තාවකටද පහර දී තිබෙනවා. එහිදී තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා විලච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් කාන්තාවකට ඊට දවස් කිහිපයකට පෙර ඇගට පැන ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදාල කාන්තාව මෙලෙස පැහැදිළි කළා.


වරාලන්ද හේන් යායට  05 වතාවක් කුරු මිනිසුන් පැමිණ තිබුණා. මෙම කුරු මිනිසුන් අතීතයේ ජීවත් වූ නිට්ටෑවන් බවට ඇතැමුන් සැක පළකරනවා.

නිට්ටෑවන් හෙවත් නිත්තෑවන් නමින් හදුන්වනු ලබන්නේ අතීතයේ ශ්‍රී ලංකාවේ වාසය කළ ගෝත්‍රික කණ්ඩායමකි. ඔවුන් 19 වන සියවස දක්වා ලංකාවේ වාසය කර ඇතිබව ජනප්‍රවාදයන්ට අනුව අපට නිගමනය කල හැක. ඔවුන් මුල් කාලයේ වැද්දන් සමග ජීවත් වී ඇතැයි සැළකේ කෙසේ නමුත් මොවුන් ගේ විනාශයට වග කිව යුත්තේ ද වැද්දන් බව මූලාශ මගින් පැහැදිළිවෙයි මෙයට හේතුව මොවුන් මිනීමස් කෑමට ගිජුකමක් දැක්වීමයි.

 මොවුන් ගේ ග්‍රහනයට ලක් වූයේ ඔවුන් සමග වනාන්තරයේ එකට දිවි ගෙවූ වැද්දන්ය වැද්දකු තනිව සිටිනු දුටු විගසින් මොවුන් ඔහු මතට කඩා පැන ඔවුන්ගේ තියුනු නිය මගින් අතුරු බහන් ඇද දමා මරා මස් කෑහ තවද නිට්ටෑවන් විසින් වැද්දන් දඩයම් කර වේලන්නට දමා ඇති දඩමස් ආදී ආහාරද සොරා ගත්හ නිට්ටැවන්ට මෙම නම භාවිතා කිරීමට හේතුව ද නිට්ටෑවන් සතු තියුණු නියපොතු බව විස්වාස කල හැක නිය+ඈයෝ නිට්ටෑවෝ වූ බව සදහන් වෙයි මේ ආකාරයට වැද්දන්ට මොවුන්ගෙන් වූ අපමණ කෙකහිලි කම් හමුවේ වද්දන් හා නිට්ටෑවන් අතර වෙෙරයක් ඇතිවීම පුදුමයට කරුණක් නොවේ මෙම නිසා වැද්දන් විසින් නිට්ටෑවන් ගල් ගුහාවකට පන්නා දමා ගිනීලෑ බව මූලාශ්‍රවල දැක්වේ

No comments

Powered by Blogger.