එජාපයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දෙන්න චන්ද්‍රිකා සන්ධානයක් හදයි ශ‍්‍රීලනිපයේ 10ක් අතර තීරණාත්මක සාකච්ඡා



ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දැක්වීම  සදහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සන්ධානයක් ගොඩ නැංවීමට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනෙකු හා දැනටම ආණ්ඩුව පක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමග  සාකච්ඡා  පවත්වා ඇති බවටයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේ.

No comments

Powered by Blogger.