මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ බස් රථයක් අනතුරට ලක්ව පුද්ගලයින් 11 දෙනෙකුට තුවාල


මහනුවර සිට මොනරාගල දක්වා ධාවනය වෙමින් තිබු ලංගම බස් රථයක්  මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ දී  අනතුරකට ලක්ව  පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බස් රථයේ සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයන් අතර එක් අයෙකුගේ තත්වය බරපතළ වී අතර ඔහු මේ වන විට මහනුවර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 60 දෙනෙක් බස් රථයේ ගමන් කර ඇති බවයි අනාවරණය වන්නේ.

No comments

Powered by Blogger.