අවුරුදු 12 හා 13 අතර වයසේ පාසල් දැරියන් දෙදෙනකු දින 4ක් 7 දෙනකු දූෂණය කරලා ගණිකා මඩමකට භාරදීලා



 වත්තල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යාලයක අධ්‍යාපනය හදාරන  අවුරුදු 12 හා 13 අතර වයසේ පසුවන බාලවයස්කාර පාසල් දැරියන් දෙදෙනකු දින 4ක් තිස්සේ රඳවා තබා ගනිමින් අපහරණය කරනු ලැබූ පුද්ගලයන් තිදෙනකු කදාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම දැරියන් දෙදෙනා ඉකුත් 6දා සිය නිවාසවලින් පලා ඇවිත් ඇති බවටයි අණාවරනය වෙන්නේ.

මෙම තරුණියන් දෙදෙනා වත්තල ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවකු විසින් දැක දෙදෙනාට රැකවරණය ලබාදෙන්න යැයි පවසමින් ඔවුන්ව රැගෙන ගොස් ප්‍රදේශයේ ලැගුම්හලක තබාගෙන දූෂණය කර තිබෙනවා. අනතුරුව තවත් පිරිමි පුද්ගලයන් 7 දෙනකු එම ලැගුම් හලට ගෙන්වා දැරියන් තවදුරටත් අපයෝජනය කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර, පසුව දැරියන් දෙදෙනාව රාජගිරිය ප්‍රදේශයේ ‘අක්කා’ නමින් හැඳින්වෙන ගණිකා නිවාසයක් පවත්වාගෙන යන කාන්තාවක් හට භාරදී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

අනතුරුව එම කාන්තාව දැරියන් දෙදෙනා ඉගෙනුම ලැබූ පාසල වෙත පැමිණ දැරියන්ගේ අස්වීමේ සහතික ලබාගැනීමට උත්සාහ දැරීමේදී පොලිස් බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ සියල්ල හෙලි වී තිබෙනවා.



කෙසේ වෙතත් මෙම දැරියන් පවසා ඇත්තේ සිය මවුපියන් නිරන්තරයෙන් තමන්ට පහර දෙන බැවින් එයින් මිදීම සඳහා නිවෙසින් පැන යෑමට තීරණය කර එසේ යෑමේදී ඉහත සිද්ධීන්වලට මුහුණ දීමට සිදු වූ බවයි.

තවදුරටත් දැරියන් හෙළිදරව් කර ඇත්තේ තමන්ට මත්ද්‍රව්‍ය වැනි දෑ ලබා දෙමින් තමන් දින කිහිපයක් රඳවාගෙන සිටි බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනකු 13දා වත්තල මහෙස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 18 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

සිද්ධියට මුහුණ දුන් දැරියන් වෛද්‍ය පරීක්ෂණ සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයන් කිහිපදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදුකරයි.

No comments

Powered by Blogger.