නිෂී උග්ගල්ල අවුරුදු 12ක පුංචි දැරිය ලොවම මවිත කරමින් ඇල්බට් අයින්ස්ටයින්ගේ IQ මට්ටමත් අභිබවා යයි
ඇල්බට් අයින්ස්ටයින්ගේ බුද්ධි විමසිලිමත්කමට ( IQ) වඩා වැඩි බුද්ධි විමසිලිමත්කම ඇති ශ්‍රී ලාංකික දැරියක පිළිබඳ පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්ථා වෙනවා.
වයස අවුරුදු 12ක් වන නිෂී මවුපියන් සමඟ එංගලන්තයට ගියේ 2010 වර්ෂයේදීයි
එහිදි ඇය ‘මෙන්සා‘ නමැති සමාන්‍ය දැනුම තරඟයට සහභාගී වී තිබෙනවා. එම තරඟයේදී ඇය පළමු ප්‍රශ්ණ පත්‍රයට ලකුණු 162ක් ලබා ගත් අතර එම තරඟයෙන් අර්න්ටයින් ද ලබා ගත්තේද ලකුණු 160ක්.
එමෙන්ම දෙවන ප්‍රශ්ණ පත්‍රය සඳහා ලකුණු 142ක් ලබා ගැනීමට නිෂී සමත්වෙලා තියෙනවා. එය බ්‍රිතාන්‍යයේ කලකට පසු ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණය බවටයි දැනගන්නට ලැබෙන්නේ.
නිෂී පොත් කියවීමට දැඩි රුචිකත්වයක් දක්වනවා මෙන්ම ඇයගේ මවුපියන් පවසන්නේ කුඩා කළ දියණියට ඉගැන්වූ ගුරුවරුන් ඇයට මෙසේ අඩිතාලමක් දැමු බවයි.
එසේම නිෂිගේ එකම අරමුණ විද්‍යාඥවරියක් වීම බවත් පවසා තිබෙනවා.
පහතින් එම වීඩියෝව
Leave a Comment