ෆෙස්බුක් පෙම්වතා බලන්න ගාල්ලට පැමිණි අවුරුදු 15 ක දැරියක්, 13 හැවිරිදි ඇගේ යෙහෙළියත් සමගම පැහැරගෙන ගිහින් දූෂණය කරලා



ෆේස් බුක් එක හරහා හඳුනා ගත් බාලවයස්කාර දැරියන් දෙදෙනකු පැහැර ගෙන ගොස් එක් දැරියක් දූෂණය කිරීමට අනුබල දුන් 21 හැවිරිදි තරුණයෙකු ඇල්පිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 එම දැරිය දූෂණය කළ බව කියන සැකකරුද පොලීසිය විසින් හ`දුනාගෙන තිබෙන අතර,ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 දූෂණයට ලක් වූ මෙම දැරිය ෆේස් බුක්  හරහා අදාල  පළමු සැකකරු  හඳුනාගෙන ඇති අතර, එම දැරියට පසුගිය 13 දා ගාල්ල නගරයට පැමිණෙන ලෙස දන්වා තිබෙනවා. අනතුරුව ඇය පැමිණ ඇත්තේ ඇයගේ යෙහෙළියක් වන 13 හැවිරිදි දැරියද සමගයි. පළමු සැකකරු මෙම දැරියන් දෙදෙනා දැකීමෙන් පසු කුඩා දැරියන් බව අවබෝධ කර ගෙන දැරියන් මගහැර ගොස් දෙවන සැකකරු වෙත සිදු වූ සිදුවීම පිළිබඳව දන්වා තිබෙනවා.

පසුව ඔහු පැමිණ දැරියන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් දූෂණය කර ඇති බවටයි හෙළි වී ඇත්තේ.

 දූෂණයට ලක්ව ඇත්තේ ඇල්පිටිය ප‍්‍රදේශයේ විදුහලක පදිංචි 15 හැවිරිදි දැරියක් බව පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

No comments

Powered by Blogger.