ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය තුළ මේ වන විට උණුසුම් ලොක්කො 15ක් දොට්ට වැඩසටහන් මග නවතී - සිද්ධියට හේතුව සේවකයෙක් හෙළිකරයි



ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය තුළ මේ වන විට උණුසුම් වාතාවරණයක් හටගෙන තිබෙනවා. ඒ ආයතනයේ සේවකයන් 15 දෙනෙකු ඊයේ දිනයේ පාලන අධිකාරිය විසින් අත්තනෝමතික ලෙස සේවයෙන් පහ කිරීම හේතුවෙන්.  මේ හේතුවෙන් අද පෙරවරුවේ සිට විකාශන කටයුතුද අඩාල වුණා. 

"ස්වර්ණවාහිනී සමස්ත සේවක වෘත්තීය සමිතිය" නමින්  වෘත්තීය සමිතියක් සිය වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන්, එම ආයතනයේ සේවකයන් පිරිසක් විසින් පසුගිය කුත් 6වෙනිදා ලීයාපදිංචි කර ඇති අතර, මෙලෙස  පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි.

අදාල මාධ්‍ය ආයතනයේ පාලන මණ්ඩලය දිගින් දිගටම සිදුකරන අත්තනෝමතික ක්‍රියා කලාපය තව දුරටත් ඉවසා ගැනීමට නොහැකි බැවින් සේවකයන් එකතු වී මෙලෙස වෘත්තීය  සමිති ව්‍යාපාරයක් ආරම්භ කළ බවයි එහි සේවකයන් කියා සිටියේ.

කෙසේ වෙතත් සේවකයන්ගේ මෙම ක්‍රියා කලාපය හේතුවෙන් ස්වර්ණවාහිණී නාලිකාවේ පාලන අධිකාරිය දැඩි තැතිගැනීමකට ලක්ව තිබෙන අතර, ඊට ප්‍රතිචාර ලෙස වෘත්තීය සමිතියට සම්බන්ධ වී සිටින සේවකයන් පිරිසක් ඉවත් කිරීමටයි පාලන අධිකාරිය කටයුතු කර තිබෙන්නේ.

මේවන විට ඇති වී තිබෙන තත්වය හා සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයෙකු මෙලෙස පැහැදිළි කළා


"ඊයේ දවල් කෑමෙන් පස්සේ කට්ටියක් රථ ගාලේදී මිටීමක් තිබ්බ. එකේදී මහේන්ව අයින් කරන්න ඕන කියල සම්මත කරගත්ත.
මේ කට්ටිය අද  උදේ වැඩට ආවම ගේට්ටුව ගාවට ආවම ගේට්ටුව ගාව නවත්තල ලියුම් දීලා. මේගොල්ලෝ ලියුම් ටික අරගෙන නැතුව බම්බලපිටිය පොලිසියට ගිහිල්ලා. පොලිසියට ගිහින් පොලිසියෙන් කෝල් කලාම මහේන් කියල එහෙම අවුලක් නෑ කියලා. ඒ ගමන මේගොල්ලෝ ආයේ ඔෆිස් එකට ඇවිල්ලා... එතනින් ඇතුළට යන්න දීල නෑ.

ස්වර්ණවාහිනී මුදිත විජේසුන්දර , තිලිණි පෙරේරා, නදීක කරුණානායක ඇතුළු නිවේදක නිවෙදිකාවොත් මේ ගොඩේ ඉන්නවා.

ඒ ඔක්කොම කම්කරු ගිහින්. තාම එහෙ ඒ අතරේ හරින්ද්‍ර ජයලාල් ඇවිල්ල උදේ අද දවස වැඩසටහන කරන්න කියල කිව්වා. අඩුම තරමේ එක පත්තරයක්වත් කියවන්න කියල. අපේ විෂන් කරන රෝහණවත් අයින් කරලා තිබ්බ නිසා අපි කළේ නෑ.

මහේන් පෙරේරා එක්ක සම්බන්ධයක් තියෙන මුස්ලිම් ගෑණු ළමයෙක් ඉන්නවා නිව්ස්  එකේ. එයා මේ වෙද්දී නිව්ස් එකේ ඔත්තු කාරියෙක් විදිහට වැඩ කරනවා. සේවකයන්ගෙ කතාබහ රෙකෝඩ් කරලා යවන එක පවා කරන්නේ එයා.

වැඩ තහනම් කර ඇති පිරිස අතර  වෘත්තීය සමිතියේ සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයත් පැවැත්වූ රැස්විමේදී අදහස් ප්‍රකාශ කළ පිරිසත් සිටිනවා."

 සේවයෙන් ඉවත් කළ පිරිසගේ නම්

නදීක කරුණානායක, අරුණ බණ්ඩාර වාසුන්දර, තිළිණි පෙරේරා, නුවන් සී ජයවික්‍රම, ඒ. ඩී. ඩයස්, ලලිත් කුමාර වීරතුංගාආරච්චි, සම්පත් තිලකවික්‍රම, ඒ. ඩී. එන්. රෝහණ විමලසිරි, නයන උජිත්, චන්දන සෙනෙවිරත්න, මුදිත විජේසුන්දර, කේ. ඩී. පී. එල්. සමරසේකර, එල්. සී. සිංහපුර, බැසිල් රෝයි, එස්. ගමගේ


පහතින් සේවකයන් ඉවත් කිරීමේ ලිපිය‍


No comments

Powered by Blogger.