2019 වසරට අදාල අයවැය යෝජනාව හෙට පාර්ලිමේන්තුවට - රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් පිළිබඳ ඉඟියක්


2019 වසරට අදාල අයවැය යෝජනා හෙට (05) මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 කම්කරු හා වෘත්තිය සමිති කැබිනට් නොවන අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර කොළඹ අද (04) පැවති උත්සවයකදී අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිවීමක් සම්බන්ධයෙන් ඉඟි පළ කළා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන කොළඹ අද (04) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ කැමති වුවත්, අකමැති වුවත් ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ කොන්දේසි මත අයවැය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇති බවයි.

පසුගිය පෙබරවාරි 5 වනදා අයවැය විසර්ජන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ අතර, එදිනම එය පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

හෙට පස්වරු 2ට මුදල් අමාත්‍යවරයා අයවැය කථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර, දෙවන වර ඡන්ද විමසීම ලබන 12 වනදා පැවැත්වෙනවා.

ඊට පසුදින තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය ආරම්භ කෙරෙන අතර අවසන් ඡන්ද විමසීම අප්‍රේල් 5 වන සිකුරාදා සිදුකිරීමට නියමිතයි.


මේ අතර, මුදල් අමාත්‍ය මංගල සමරවීර පානදුර ගොරකානේ පිහිටි තම "දේදුණු අන්ත" (Rainbow End) නිවසේ සිට අය වැය - 2019 පිළියෙල කරන අවසන් මොහොතේ දී භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග සමග සාකච්ඡාවක නිරත වෙමින් සිටින අයුරු පහත ඡායාරූපයෙන් දැක්වෙනවා.

No comments

Powered by Blogger.