රථ වාහන රාජකාරියේ යෙදී සිටි කොස්තාපල්වරයාගේ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත උස්සා පලායාමට ගිය 26 හැවිරිදි තරිණියක් අඩංගුවට



පිළියන්දල පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් කොස්තාපල්වරයකු භාරයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොතක් උස්සාගෙන  ත්‍රිරෝද රථයකින් පලායෑමට උත්සාහ කළ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ මහරගම පාරට යොමුවන විදුලි සංඥා පද්ධතිය අසල මාර්ග සංඥා නොතකමින් යතුරුපැදියක් කාන්තාවක් විසින් ධාවනයේ යෙදී ඇති අතර, 26 හැවිරිදි වියේ පසුවන මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන ඇය  නවත්වා අදාල වරද පහදා දී ඇයගේ රියැදුරු බලපත්‍රය ඉල්ලා සිටියදී එම තරුණිය කොස්තාපල්වරයා සන්තකයේ තිබූ තාවකාලික රියැදුරු බලපත්‍ර පොත පැහැරගෙන මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රථය නැගී එමස්ථානයෙන්  පලායෑමට උත්සාහ දරා තිබෙනවා.


අනතුරුව ත්‍රීරෝද රථය  ද නැවැත් වීමට අදාල පොලිස් නිළධාරීයා විසින් කටයුතු කර ඇති අතර, එම අවස්ථාවේදී එම තරුණිය  රියැදුරු බලපත්‍ර පොත කොස්තාපල්වරයාට ලබා දී ත්‍රිරෝද රථයේ නැඟී නැවතත් යෑමට උත්සාහ දරා ඇති බවටයි වාර්තා වෙන්නේ.

එහිදී පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරනාත් සමරකෝන් මහතාට  අදාල පොලිස් නිලධාරී වරයා මෙම සිදුවීම දුරකථනයෙන් දැනුම් දී කාන්තා උප පොලිස් පරීක්‍ෂක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානය ගෙන්වා ගෙන තිබෙනවා. ඉන් අනතුරවයි සැකකාර තරුණිය අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

No comments

Powered by Blogger.