ලොවම කම්පාකරවමින් පුද්ගලයන් 27 දෙනෙකුට මරු කැඳ වූ නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන වලට වෙඩි තැබූ වෙඩික් කරු අල්ලයි - Video
Update-
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර අල් නූර් හා ලින් වුඩ් මස්ජීඩ් නමැති මුස්ලිම් දේවස්ථාන දෙකක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරයා තහවුරු කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තවත් 20 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව යි. මෙලෙස මිය ගොස් ඇත්තේ සිකුරාදා දිනයේ පවත්වන විශේෂ දේවමෙහෙයට සහභාගී වීම සඳහා පැමිණ සිටි පිරිසකි.
බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද වෙඩි තැබීම සිදු වන අවස්ථාවේදී අල් නූර් දේවස්ථානයේ ආගමික වතාවත් සඳහා රැඳී සිට තිබේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් තම කණ්ඩායමේ කිසිදු සාමාජිකයෙකුට බලපෑමක් නොවූ බවත් තම කණ්ඩායම එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් වූ බවයි බංග්ලාදේශ ක්‍රිකට් නායක තමීම් ඉක්බාල් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ.
--------------------
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා. මේ අතර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරය සිදුකරන ආකාරය හා ඔහුව අත්අඩංගුවට ගන්නා ආකාරය පටිගතකර ඇති අතර මේ වනවිට එය අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම දර්ශන පෙළ පහතින්.
පසුව ඔහු අත්අඩංගුවට පත් වුනා
Leave a Comment