තමන්ගේ උපන්දිනය නිමිත්තෙන්, අවිවාහක එහෙත් අඹුසැමියන් ලෙස එකට ජීවත් වන යුවල් 39ක් නොමිලේ විවාහ කර දුන් රෙජිස්ට්‍රාර්




තමන්ගේ තම තිස් නවවැනි උපන්දිනය නිමිත්තෙන් අඹුසැමියන් ලෙස එකට ජීවත් වන  එහෙත් අවිවාහක  යුවල් 39ක් උත්සවශ්‍රී යෙන් නොමිලේ විවාහ කර දීමට යටියන්තොට කෝරල තුන හා පහත බුලත්ගම විවාහ රෙජිස්ට්‍රාර් හා මෙගොඩපත පත්තුව උප්පැන්න හා මරණ රෙජිස්ට්‍රාර් ටී.වී. සුමේධ රත්නපාල මහතා කටයුතු කර තිබෙනවා.

කෑගල්ල දිසාපති චන්ද්‍රසිරි බණ්ඩාර මහතාත් දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් හසලා සහසිරි මහත්මියත් ඉදිරියේ මෙම විවාහ සිදු කර ඇති අතර,  රත්නපාල මහතාගේ  රෙජිස්ට්‍රාර් කාර්යාලය තුළ මංගල චාරිත්‍ර, භෝජන සංග්‍රහ ඇතුළු සියලු කටයුතුද සංවිධානය කර ඇත. මෙම විවාහ කරවූ පවුල් 39 අතරට වතු ආශ්‍රිත ද්‍රවිඩ ජාතිකයන්ද, සිංහල ජාතිකයන්ද ඇතුළත් වීම විශේෂයි.

එහිදී වයස 60-70 ඉක්ම වූ දරු මුනුපුරන් ඇති අවිවාහක පුද්ගලයන්ද විවාහ කරවූවන් අතර සිටින බවයි වාර්ථා වෙන්නේ.


මේ සම්බන්ධයෙන් අදහස් පලකළ සුමේධ රත්නපාල මහතා,

‘මනුෂ්‍යයන්ට වැදගත්ම ලේඛන 3න් එකක් විවාහ සහතිකයයි. විවාහ නොවී පවුල් ජීවිත ගත කරන විශාල පිරිසක් තවමත් මේ රටේ ඉන්නවා.
ගොඩක් වෙලාවට හැකියාවක් තියෙන අවශ්‍යතාවක් තියෙන බොහෝ දෙනා විවාහ සහතික ලබා ගන්නවා. මේ කටයුත්ත ඉටුකරවාගන්න දැනුවත් කමක් නැති, හැකියාවක් නැති, අවශ්‍යතාවක් නැති බව සිතන ජෝඩු 39ක් එකතු කිරීමෙන් තමයි 39 වැනි උපන්දිනය සැමරුවේ. සමහර ජාතීන් චාරිත්‍රානුකූල විවාහය අනුව තැල්ල බැඳීම නීත්‍යනුකූල විවාහයක් ලෙස සිතනවා. දෙවියන් ඉදිරියේ චාරිත්‍රානුකූල විවාහය
සාම්ප්‍රදායික කටයුත්තක් පමණයි.



No comments

Powered by Blogger.