ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිධුර ලැබෙන ප්‍රබලයෝ 4 දෙනා මෙන්න



 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනෙකුට ඇමතිධුර ලබා දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නම් ලැයිතුවක් යොමු කර තිබෙනවා.

දැනට ආණ්ඩු පාර්ශවය නියෝජනය කරමින් සිටින විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, ඒ එච් එම් ෆවුසි යන මන්ත‍්‍රීවරුන්ගේ නම් මෙසේ ඇමතිධූර ලබා දීම සඳහා යෝජනා කර ඇති බවටයි වාර්ථා වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂය විසින් නැවතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇතැයි යන මතයේ සිට කැබිනට් ඇමති ධුර වැඩිකර ගැනීමට ඉල්ලමින් මෙම යෝජනාව ජනාධිපතිවරයාට යොමු කර ඇත.

 ජාතික ආණ්ඩුව පිලිගනිමින් ඇමති පිරිස වැඩි කිරීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර ලබාදීමට ජනාධිපතිවරයා අකමැත්තක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බවයි

පාර්ලිමේන්තුවේ තවත් පක්‍ෂයක් සමග එක්ව ජාතික ආණ්ඩුවන් පිහිටුවීමට එක්සත් ජාතික පක්‍ෂය මේවන විටත් සාකච්චා කරමින් සිටී.

No comments

Powered by Blogger.