ඉන්දියාවේ සැඟව සිටි "කිඹුලා ඇළේ ගුනාගේ" සමීපතමයා "පෙරාමුල්ලේ සමීර" ඇතුළු 4 ක් මාට්ටු


 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “කිඹුලා ඇළේ ගුනාගේ” සමීපතමයින් වන “පෙරාමුල්ලේ සමීර” ඇතුළු සිව් දෙනෙකු වත්තල, හැදල, පල්ලියවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ(27) රාත්‍රී කාලයේ සිදුකල මෙහෙයුමකින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

පසුගිය 2019 ජනවාරී මස 13 වන දින වත්තල පොලිස් වසමේ හේකිත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන්නේ ද මෙම පෙරාමුල්ලේ සමීර යන අයයි.

අත්අඩංගුවට ගත් පෙරාමුල්ලේ සමීර නොහොත් මදුරංග ප්‍රනාන්දු යන අය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 106ක් හා ඩොල්පින් වෑන් රථයක් සමඟ පොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන තිබේ.
මේ අතර, යෙදින්දාස් සංඝරන් නැමති අවුරුදු 39 ක් වු කුරුදුවත්ත පළමු පටුමඟ, ඇවරියවත්ත, වත්තල පදිංචිකරුවෙක් ද අත්අඩංගුවට පත්ව තිබේ.

අනෙක් පුද්ගලයා වයස අවුරුදු 28 ක් වු කොහේන ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය තිලිණ මධුෂාන් නැමැත්තෙකි.

මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක පුද්ගලයෙක් වන විවේක් ඇසලර් ප්‍රනාන්දු නැමැත්තා ද විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments

Powered by Blogger.