මාතර, තොටමුණට ඊයේ රාත්‍රියේ ඇඟ පුරා ලොම් ඇති කුරු මිනිසුන් 5දෙනෙකු ඇවිත් පුද්ගලයෙකුට පහරදෙයි - Video - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මාතර, තොටමුණට ඊයේ රාත්‍රියේ ඇඟ පුරා ලොම් ඇති කුරු මිනිසුන් 5දෙනෙකු ඇවිත් පුද්ගලයෙකුට පහරදෙයි - Video


මාතර තොටමුණ ධීවර ගම්මානයේ ගම්වාසියෙක් තම නිවස අසල සිටියදි හදිසියේ ඇඟ පුරා ලොම් ඇති අත්භූත කුරු මිනිසුන් පස්දෙනෙකු පැමින තමන්ට පහර දුන් බව පවසනවා. ඊයේ රාත්‍රී 8.30ට පමණ පැමිණ ඇති මෙම පිරිස තමාට පහර දී පලා ගිය බවයි ඔහු සඳහන් කරන්නේ.

පසුව තමන් ඔවුන් සමඟ පොර බැදු බවත් එහිදි තමන්ගේ ඇඳුම් ඉරී ගොස් ඇති බවද 55හැවිරිදි මෙම පුද්ගලයා කියා සිටියා. ඒ අසල සිටි කුඩා දරුවෙකුද මෙම සිදුදිය දැක ඇති අතර, මෙම පුවත සැල වීමත් සමඟ තමන්ද එම ස්ථානටය ගිය බවත් එම ගම්මානයේ සිටි ජනතාව මෙම සිදුවීමත් සමඟ මහත් කැළඹීමට පත්ව සිටින බවටත් වාර්ථා වෙනවා.

මෙම සිදු වීම නිසා කැළඹුන සියලුම ප්‍රදේශවාසින් ඊයේ රාත්‍රීය පුරාම නිදිවරමින් සිටි බවත් ඇතැම් අවස්තාවලදි ජනතාව මෙම අමුතු කුරුමිට්ටන් දැක බිය වී කෑ ගැසු බවත් වාර්තා වෙනවා.
පහතින් එම වීඩියෝව

No comments

Powered by Blogger.