50කට ආසන්න පිරිසකට මරු කැඳවූ නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයේ නවතම වීඩියෝ හා ඡායාරූප



ක්‍රයිස්චර්ච් ප්‍රහාරවලින් මේ වනවිට 49 දෙනකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. තවත් 20 ක් තුවාල ලබා ඇතැයි දන්වා ඇත. පොලිසිය කාර් බොම්බ 2 ක් නිෂ්ක්‍රීය කරන්නට කටයුතු කරන ලදි.
වෙඩි තැබීම් සිද්ධි සිදුවූයේ දහවල් 1.40 ට පමණ එකිනෙක ආසන්න දේවස්ථාන දෙකක් තුළය. අල්නූර් දේවස්ථානයේ ප්‍රහාරය මෙහි මූලිකයා වූ බව කියන ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි  Brenton Tarrant විසින්  මිනිත්තු 16 ක් තුළ සිදු කළේය.

ඔහු හිස මත සවිකළ ගෝප්‍රෝ කැමරාවකින් සිය ෆේස් බුක් ගිණුමේ සජීවීව වීඩියෝවකින් මෙම ප්‍රහාරය කාටත් පෙනෙන ලෙස සිදු කළේය ඔහු ඒ සඳහා යොදාගත් අවි වල සුදු පැහැයෙන් සටහන්ව තිබූ වචන වලින් ප්‍රකාශ වූයේ ඉතිහාසයේ මධ්‍යතන යුගයේ Crusades නමැති ක්‍රිස්තියානි ආගමික යුද්ධ වලදී පාවිච්චි කළ මුස්ලිම් විරෝධී යෙදුම්ය. ඔහු දේවස්තානයට යනවිට


 300-500 අතර පිරිසක් එහි සිටි බව කියැවිණි. ඔහු වාහනය පසෙක නවතා ආයුධ රැගෙන ගොස් එහි සිටි අයට වෙඩි තබා නැවත පැමිණ තවත් ආයුධ රැගෙන ගොස් නැවතත් වෙඩි තබන අයුරු  වීඩියෝවේ සටහන් වන අතර ඔහු කිසිදු බාධාවකින් තොරව එම ස්ථානයෙන්  නික්ම යන හැටිද සටහන් වේ.
පහතින් එම වීඩියෝව හා ඡායාරෑප


No comments

Powered by Blogger.