දකුණු මුහුදේ හෙරොයින් කිලෝ 600 ක් අත්අඩංගුවට වැටලීම සිදු කරන අවස්ථාවේ හෙරොයින් ඇසුරුම් කඩා මුහුදට දාලා
දකුණු මුහුදේදී කිලෝග්‍රෑම් 600 ක් පමණ හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබූ ඉරාන නෞකාවක් මෙරට ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ, හෙරොයින් තොගය සමග ඉරාන ජාතිකයින් 09 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.
වැටලීම සිදු කරන අවස්ථාවේ නෞකාවේ සිටි පුද්ගලයින් හෙරොයින් ඇසුරුම් කඩා කොටසක් මුහුදට දමා ඇති බව ද පොලීසිය සඳහන් කළා.
පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ නාවික හමුදාව ඒකාබද්ධව මෙම මෙහෙයු දියත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හා හෙරෝයින් තොගය සහිත ඉරාන නෞකාව මේ වන විට කොළඹ වරායට රැගෙනඑමින් තිබෙනවා.
Leave a Comment