අල්ලගත්ත කුඩු කිලෝ 750ක් අප්‍රේල් 01 වැනිදා විනාශ කරන්නේ මෙහෙමයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

අල්ලගත්ත කුඩු කිලෝ 750ක් අප්‍රේල් 01 වැනිදා විනාශ කරන්නේ මෙහෙමයි



අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා විනාශ කිරීමට නියමිත බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ  අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පවසනවා.

ඔහු කියා සිටියේ පුත්තලම ප්‍රදේශයේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක සෙල්සියස් අංශක 1000කට වැඩි උෂ්ණත්වයක් යටතේ මෙම මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීමට නියමිත බවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කරන බව ද  වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද වැඩිදුරටත් කියා සිටියා.

No comments

Powered by Blogger.