මහින්දට එරෙහිව පනවා තිබූ පෙත්සම රනිල් ඉල්ලා අස්කර ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මහින්දට එරෙහිව පනවා තිබූ පෙත්සම රනිල් ඉල්ලා අස්කර ගනී


ජනාධිපතිවරයා විසින් පසුගිය ඔක්තොම්බර් මාසයේදී අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවට නිගමනය කර එම ධුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ  කෝ වරෙන්ටෝ රීට් ආඥා පෙත්සම  අද අභියාචනාධිකරණය හමුවේදී ඉල්ලා අස්කර ගනු  ලැබූවා.


හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකුට එරෙහිව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 122 දෙදෙනෙකු ගොනු කර තිබූ කෝ වරෙන්ටෝ රීට් ආඥා පෙත්සම පෙත්සම්කාර පාර්ශවය විසින් අද අභියාචනාධිකරණය හමුවේදී ඉල්ලා අස්කර ගනු ලැබී ය.



පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇතුළු 122 කු එම පෙත්සම ගොනු කර තිබූ අතර, එම පෙත්සම අද අභියාචනාධිකරණ විනිසුරු අර්ජුණ ඔබේසේකර මහතා හමුවේ කැදවු අවස්ථාවේදී පෙත්සම්කාර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් පෙත්සමෙන් ඉල්ලා ඇති සහන මේ වන විට ලැබි ඇති බැවින් පෙත්සම තවදුරටත් පවත්වා ගෙන නොයන බවට අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.

ඒ අනුවයි පෙත්සම්කාර පාර්ශවයට එම පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අධිකරණය අවසර ලබා දුන්නේ.

No comments

Powered by Blogger.