එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සිරිකොත අසළ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සිරිකොත අසළ පුද්ගලයෙකු සිරුරට ගිනි තබා ගනී


පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසළ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

62 හැවිරිදි එම පුද්ගලයා ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවටයි  තොරතුරු හෙළිවී ඇත්තේ.

බොරැල්ල - වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මේ වන විට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.

No comments

Powered by Blogger.