ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අඛණ්ඩව ඉහළට මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද වැඩි වෙයි


ඉන්ධන මිල සූතුයට අුව අද දිනයේ ඉන්ධන මිල බොහෝ විට වැඩි විය හැකි බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය පෙබරිවාරි 01 වැනිදා සිට ලෝක වෙළදපළේ තෙල් මිල මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් පැවතීම හේතුවෙන් මෙලෙස අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල බොහෝ විට වැඩි විය හැකි බවයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.

ඉන්දන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද(11) දිනයේ රැස්වීමට නියමිත අතර, එහිදී ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදු වෙයි.

අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු 08 කින් ද ඉහළ දමා තිබුණි.

No comments

Powered by Blogger.