මහින්දගේ පෞද්ගලික ලේකම් උදිත් ලොකු බණ්ඩාර ඉල්ලා අස්වෙයි අඩුව පුරවන්න ලේකම්වරියක්

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරියා ලෙස කටයුතු කල උදිත් ලොකු බණ්ඩාර මහතා ඉල්ලා අස් වී තිබෙනවා. ඒ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බණ්ඩාරවෙල මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත්වීම ලැබ එම ආයතනයේ පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල යෙදී සිටින නිසා බවයි ඔහු සඳහන් කළේ.

එම පුරප්පාඩුව පිරවීම සඳහා ශානිකා ගොපල්ලව මහත්මිය පත්කර තිබෙනවා. ඇය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේදී ඔහුගේ අතිරේක ලේකම්වරියක ලෙසද කටයුතු කර ඇති අතර, ශානිකා ගොපල්ලව මහත්මිය මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි මොන්ටි ගොපල්ලව හිටපු නියෝජ්‍ය ඇමැතිවරයාගේ දියණියයි. ඇය මාර්තු 1දා සිට විපක්ෂ නායක කාර්යාලයේදී මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ  වැඩ භාරගෙන තිබෙනවා.

No comments

Powered by Blogger.