හම්බන්තොට තෙල් පිරිපහදුව දාන්නේ අරජුන මහේන්ද්‍රන් නාමල්ගෙන් හෙළිදරව්වක්


හම්බන්තොට දී ආරම්භ කිරීමට සූදානම්ව පවතින තෙල් පිරිපහදුව, මහ බැංකු වංචාවට චෝදනා ලැබ ඇති ප්‍රධාන සැකකරුවෙකු වන අරජුන මහේද්‍රන්ගේ සම්බන්දයක් පවතින්නේද යන්න සාධාරන සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

තමාට එරෙහිව පනවා තිබූ නඩුවකට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ ආපසු එමින් සිටියදී මෙම කරුණු අණාවරනය කළා.

කෙසේ වෙතත් එළෙඹෙන 24 වෙනදා හම්බන්තොටදී තෙල් පිරිපහදුවක් මුල්ගල් තැබීම සඳහා නියමිතයි .

ඒ සඳහා සිංගප්පූරු සමාගමක් සහ ඕමානයේ ගෑස් හා තෙල් සමාගමක් ආයෝජනය කිරීමට ඉදිරිපත් වී සිටින අතර, ඉන් 69.97ක් සිංගප්පූරු සමාගම ද ඉතිරි 30.03 ඕමාන සමාගම විසින් අයෝජනය කිරීමට නියමිතව ඇත.

එහෙත් ඕමාන සමාගම විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ, ලංකාවේ තෙල් පිරිපහදුව සඳහා අයෝජනය කිරීමට සිය සමාගම සූදානම් නොමැති බවයි.
 පහතින් එම වීඩියෝව

No comments

Powered by Blogger.