පෙකණිවැලවත් නොකැපූ කිරිකැටි බිළින්ඳා නිවසක තිබූ ත්‍රීරෝදරථයක දමා නවසේ වහලට ගලුත් ගසා පලා ගිහින්



ගොවිඳුපුර 09 කණුව තැපැල් කාර්යාලය අසල නිවෙසක නතර කර තිබූ ත්‍රිරෝද රථයක තුළ පෙකණිවැලවත් නොකැපූ කිරිකැටි බිළින්ඳෙකු දමා ගිය පුවතක් වාර්ථා වෙනවා.

ඉකුත් 28 වැනිදා ඉපදී ඇති මෙම බිළිඳා ඇගේ මව වන අවිවාහක තරුණියක් හා ඇගේ පෙම්වතා තවත් පුද්ගලයෙකු සමග පැමිණ රාත්‍රි 11ට පමණ  අදාල නිවසේ ත්‍රී රෝදරථය තුල දමා 11.45ට පමණ නිවෙසේ වහලය මතට ගල් වීසිකර පලා ගොස් තිබෙනවා.

 ගල් විසිකරන හඬ ඇසී නිවැසියන් ‍දොර විවෘත කර බලන විට නිවෙස ඉදිරිපිට නවතා තිබූ ත්‍රිරෝද රථයක පසුපස අසුනේ මෙම බිලිඳා හඬමින් සිටිනවා දැක ඔවුන් 1990 සුවසැරිය ගිලන් රථ සේවාව අමතා බිලිඳා රෝහල් ගත කොට පසුව මේ පිළිබඳව ගොවිඳුපුර පොලිසියට පැමිණිලි කර තිබිණි.

 ත්‍රිරෝද රථයක් තුළ දමාගිය බිලිඳාගේ මවට අවුරුදු දහඅටක් වන බවත් ඇය කන්දඋඩපංගුව කදන්කැටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් අනාවරණය වී තිබේ. සැකකාර පියා විසිහැවිරිදි සියඹලාණ්ඩුව අම්පාර පාර 01 කණුව ප්‍රදේශයේ පදිංචි අයකු බව හෙළිවී ඇත.

මේ කටයුත්තට ඔවුන්ට ආධාර අනුබල දී සහාය වූ තැනැත්තා සියඹලාණ්ඩුව ගල්අමුණ ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය පවසයි.

මෙම සැකකාර යුවළ අවිවාහක බවත් ඔවුන්ට ස්ථිර රැකියාවක් හෝ විවාහ වී පදිංචි වීමට නිවෙසක් නොමැති නිසා අලුත උපන් දරුවා මෙසේ ත්‍රිරෝද රථයක දමා ගිය බව ඔවුන් පොලිසියට පවසා තිබේ. එම බිලිඳා මේ වනවිට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ ප්‍රතිකාර හා රැකවරණය ලබන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

No comments

Powered by Blogger.