මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මොරටුමුල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි


මොරටුමුල්ල පිළියන්දල ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පතරොම් තුවක්කුවකින් තිදෙනෙකුට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

එහිදී බස් රථ හිමිකරුවෙකු සහ ඔහුගේ පුතාගේ මිතුරෙක් මිය ගොස් ඇත.  බස් රථ හිමිකරුගේ පුතා තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර මෙම වෙඩි තැබීම පුද්ගලික ආරවුලක් මත සිදුවී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

No comments

Powered by Blogger.