වැල්ලේ සුරංගගේ ගොලයෙක් අත්අඩංගුවට
කොළඹ 15, මට්ටක්කුලිය, කදිරානවත්ත ප්රදේශයේදී මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙකු වන වැල්ලේ සුරංග නමැත්තාගේ ගෝලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 2 යි මිලිග්රෑම් 85 ක්, කේරළ ගංජා ග්රෑම් 50 කට අධික ප්රමාණයක් සහ කඩු දෙකක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම සැකකරු සන්තකයේ තිබී රුපියල් එක් ලක්ෂ තිස් හතර දහසක්ද සොයාගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
Leave a Comment