බීමතින් රිය පදවා ලාල්කාන්ත අත්අඩංගුවට



ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩි. ලාල්කාන්ත මහතා බීමතින් රිය පදවා අද (01) දහවල් සිදුවු රිය අනතුරක් සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද දහවල් 2.45ට පමණ අනුරාධපුර කුරුණෑගල මාර්ගයේ බන්ධනාගාරය අසල දි මෙම අනතුර සිදු ව ඇත.

එම අවස්ථාවේදි කැබ් රථය පැදවු කේ.ඩි. ලාල්කාන්ත මහතා බීමතින් සිට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු පැදවු කැබ් රථය යතුරු පැදියක ගැටි ඇති අතර එම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කළේ.



No comments

Powered by Blogger.