පාර්ලිමේන්තු සභා ගැබ තුළ මන්ත‍්‍රී දයාසිරිට මන්ත්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරපෙන් බැන වදී


 පාර්ලිමේන්තු සභා ගැබ තුළ දී ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් ලංසා විසින් අමු තිත්ත කුනුහරුපයෙන් බැණ වැදී තිබෙනවා.

අනුර ප‍්‍රියදර්ශණ, ලක්‍ෂමන් යාපා, නිමල් ලංසා යන මන්ත‍්‍රීන් තිදෙනා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන කතාබහ කරමින් සිටිය අවස්ථාවේදී දයාසිරි ජයසේකර මහතා විසින් ලංසා මහතාට චෝදනා කර ඇත්තේ අයවැය පිළිබඳව මාධ්‍ය වෙත  පල කල අදහස් සම්බන්ධයෙන්.

තමන් උසාවි ගොස් එමින් සිටියදී මාධ්‍ය විසින් කල විමසීමකට පිලිතුරු දුන් බව නිමල් ලංසා පවසා ඇති අතර, ජයසේකර මහතා දිගටම ඔහු දොස් පවරා ඇත.

ඉන් කෝපයට පත් මන්ත‍්‍රී නිමල් ලංසා අමු තිත්ත කුණුහරුපයෙන් සභා ගැබ තුලදීම මහ ලේකම්වරයාට බැණ වැදී ඇති අතර මෑතකදී හෘද සැත්කමකටද ලක් වූ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.

ඉන් ටික වේලාවකට පසු පාර්ලිමේන්තු ලොබියේදී දයාසිරි ජයසේකර මහතා ලක්‍ෂමන් වසන්ත මහතා සමගින් කියා තිබුනේ තමන් චෝදනා කලේ වෙන අයෙකුට වුවත් ලංසා වැරදි තොප්පියක් දමාගත් බවයි.

මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මෑතකදී ජන හමුවක කියා සිටියේ ශ‍්‍රීලනිප හොරිකඩයන් සිටිනා තාක් කල් අයවැය පරාජය කල නොහැකි බවයි.

No comments

Powered by Blogger.