විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන්න විදුලිබල අමාත්‍යංශයෙන් අනතුරු අඟවයි - විදුලිය කප්පාදුවක් ළඟදීම


රට පුරා ඇතිව තිබෙන දැඩි වියලි කාලගුණ තත්වය හේතුවෙන් ජලාශවල ජල මට්ටම 40% කට ආසන්න ප්‍රමාණයකට පහල බැස ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව මාවුස්සාකැලේ, කාසල්රී, වික්ටෝරියා, කොත්මලේ, රන්දෙණිගල සමනලවැව ජලාශවල ජල මට්ටම  පහල ගොස් ඇත.

 මෙරට ප‍්‍රධාන විදුලි බලාගාර ආශ‍්‍රීත ජලාශයන්හි ජල මට්ටම මෙලෙස විශාල වශයෙන් පහත බැසීම හේතුවෙන්  ඉතා අරපිරිමැස්මෙන් විදුලිය භාවිතා කරන්නැයි  අමාත්‍යංශය මහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව දුරටත් මෙම තත්වය ඇති වන්නේනම් විදුලිය කප්පාදුවකට උවද යාමට සිදුවනු ඇති බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.

No comments

Powered by Blogger.