අපේම සමහරුන්ට අගේ නැති අපේ රට ජපන් කෙල්ලෝ ටිකකට අගේ වූන හැටි



ජපානයේ සිට මෙරට අධ්‍යාපනය සඳහා පැමිණි සිසු සිසුවියන් 20 දෙනෙකු අද (26)  මාතර මිරිස්ස ධිවර වරාය පවිත‍්‍ර කිරිමේ වැඩසටහනක නිරත වුණා.

මේ සඳහා වෙරළ ආරක්ෂක බලකාය , වනජිවි ඒකකයේ නිලධාරින් , සහ ධිවර ප‍්‍රජාවගේ සහයෝගය ලැබුණු අතර, මෙය අපේ රටට ආදර්ෂයක් බවයි මිරිස්ස ධිවර වරායේ කළමනාකරු බි .එම් .ඒ නිරෝෂන් මහතා කියා සිටියේ.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් පළකල මිරිස්ස ධිවර වරායේ කළමනාකරු බි .එම් .ඒ නිරෝෂන් මහතා ,

‘‘ මිරිස්ස ධිවර වරාය පවිත‍්‍ර කිරිමේ වැඩසටහන අද දිනයේ දවස පුරා පැවැත්වෙනවා . අපගේ බලාපොරොත්තුව තමයි මෙම වෙරළ   කලාපය ප්ලාස්ටික් වලින් තොර කලාපයක් බවට පත්කර ගැනිමයි .

මෙහි විශේෂත්වය තමයි ලංකාවේ අධ්‍යයන කටයුත්තක් සඳහා පැමිණි ජපන් සිසු සිසුවියන් 20 දෙනෙක් මෙයට සම්බන්ධ විමයි . ඔවුන් මාතරට පැමිණ ලංකාවේ සංස්කෘතිය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙලා ඉන්න අතරවාරයේ තැන තැන කුණු සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය තියෙනවා දැකලා තමයි මෙහෙම දෙයක් කරමු කියලා අද මේ පවිත‍්‍ර කරන්න සම්බන්ධ වෙන්නේ .

විදේශිකයන් මෙරටට පැමිණ මේ කටයුතුවල නිරතවෙන නිසා අපේ ධිවර ප‍්‍රජාව සහ සංචාරකයන් තැන තැන අපද්‍රව්‍ය දාන එක නතර කරාවි කියලා අප විශ්වාස කරනවා’’යැයි පැවසිය .

No comments

Powered by Blogger.