මාසයක් ඇතුළත ගෝඨාභයගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගුයි - විපක්ෂයේ එකම අපේක්ශකයා ගෝඨාභය බවට තීන්දු වෙයි



 හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සහ විපක්ෂය නියෝජනය කරන එහි සහායක දේශපාලන පක්ෂවල අපේක්ෂකයා ලෙසනිශ්චිත වශයෙන්ම ඉදිරිපත් වන බවට තොරතුරු වාර්තා වෙනවා.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඔස්සේ සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීම සදහා අයදුම්පත‍්‍රයක් පසුගිය 6 වැනිදා ගෝඨාභය රාජපක්‍ෂ මහතා භාර දී තිබෙන බව ද සති අන්ත පුවත් පතක් වාර්ථා කර තිබුණා.

මෙම සතියේ විවාහ මංගලෝත්සවයකට සහභාගීවීම සදහා ලොස් ඇන්ජලිස් නුවර බලා යෑමට නියමිත ඔහු ඒ අතරවාරයේම සිය ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතු කඩිනම් කරගැනීම සදහා එරට බලධාරීන් ද හමුවනු ඇති අතර, මෙම ක්‍රියාවලියට මසකට වඩා වැඩි කාලයක් ගතවනු ඇති බව ද ගෝඨාභය මහතාට දැනටමත් දැනුම් දී ඇත.

මේ අතර, ගෝඨාභයගේ අපේක්ෂකත්වයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින්ගේ ද අනුමැතිය හිමිව ඇති බව එම පක්ෂවල ප්‍රධාන පෙළේ නියෝජිතයන් දැනුම් දෙනවා.

  දෙපක්ෂයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැති හමුවක දී මෙම තීරණය සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුම්වත් කළ යුත්තේ කවුරුන්දැයි පැනයක් මතු වී  ඇති අතර, එ් පිළිබඳව ජනපතිවරයා දැනුම්වත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා බාරගෙන ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

No comments

Powered by Blogger.