ජනාධිපතිවරයා විසින් දරනු ලබන සියළු වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට එජාපය පසුපෙල පෙලගැසෙයි


ජනාධිපතිවරයා විසින් දරනු ලබන සියළු වැය ශීර්ෂ පරාජයට පත් කිරීමට එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී පිරිස සූදානම් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ඔහු කියා සිටියේ එහෙත් ආරක්‍ෂක අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය නොකරන බවයි.

ඊට සහය දැක්වීම සඳහා මන්ත‍්‍රීවරුන් හා ඇමතිවරුන්ද ඇතුළුව 50-60ක පිරිසක් සූදානමින් සිටින බවත් ඒකාබද්ද විපක්‍ෂයේ පිරිසක්ද එක්ව සිටින බවත් මන්ත‍්‍රිවරයා සඳහන් කළා.
ඒ සම්බන්ඳයෙන් අගමැතිවරයා දැනුවත් කලද ඔහු ඊට කැමැත්ත පල නොකල බවයි  මන්ත‍්‍රී වරයා කියා සිටියේ.

නමුත් අගමැතිවරයා අකමැත්ත පල කලද පසුපෙල මන්ත‍්‍රී පිරිස එම කටයුත්ත සිදු කරන බවත් ඔහු වැඩි දුරටත් සදහන් කළා.

No comments

Powered by Blogger.