මධ්‍යම කඳුකරයට කෘත්‍රිම වැසි වස්සන්න රසායනික ද්‍රව්‍ය ඉසීමට යයි - LEN - www.lankanenews.com | Latest news from Sri Lanka in Sinhala

මධ්‍යම කඳුකරයට කෘත්‍රිම වැසි වස්සන්න රසායනික ද්‍රව්‍ය ඉසීමට යයි


මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය  හමුවේ කෘත්‍රිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය අද ආරම්භ කරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව  මස්කෙලිය ප්‍රදේශය ආශ්‍රිතව කෘත්‍රිම වැසි ඇති කිරීමට අදාළව රසායනික ද්‍රව්‍ය ඉසීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා ගුවන් යානය අද පෙරවරුවේ රත්මලාන ගුවන් තොටුපළින් නික්මෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ.

එමෙන්ම වික්ටෝරියා සහ කොත්මලේ යන ජලාශවල ජල මට්ටම් සීග්‍ර ලෙස පහළ බැස ඇති බැවින් තායිලන්තයේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ කෘත්‍රිම වැසි පිළිබදව අධ්‍යයනයක් ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.


No comments

Powered by Blogger.