මාවනැල්ල බුදු පිළිම කැඩූ අය ගැන ඔත්තු දුන් ඇමති කබීර් හෂීම්ගේ ආධාරකරුට වෙඩි



අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ආධාරකරුවකුට මාවනැල්ල - දනාගම ප්‍රදේශයේ සිය නිවෙසේ සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු පෙරේදා (09දා) අලුයම වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

 වෙඩි තැබීම වන අවස්ථාවේදී ඔහු නිවෙසේ නිදාගෙන සිට ඇති අතර,  වෙඩි තැබීමෙන් හිසට බරපතළ තුවාල සිදුවී ඇති අතර ඔහු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව මාවනැල්ල පොලිසිය පවසයි.

තිදරු පියකු වන වෙඩි වැදී ඇති පුද්ගලයා  දනාගම - මාවනැල්ලේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධියට පැමිණි යතුරුපැදියේ සී.සී.ටී.වී. දර්ශන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඇති අතර ඒවා මේ වනවිට පොලිසියේ පරීක්ෂණවලට යොදා ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවද පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ මෙම තුවාල ලැබූ පුද්ගලයා මීට පෙර මාවනැල්ල ප්‍රාදේශීය සභාවට තරග කරන ලද අපේක්ෂකයකු වන බවයි.

No comments

Powered by Blogger.