පාසල් සිසුන් දෙදෙනෙක් බස් රථයක පා පුවරුවෙන් කෙලින්ම රෝහලට



 බස් රථයක පා පුවරුවේ ගමන් ගත් පාසල් සිසුන් දෙදෙනෙක් අද  උදෑසන අනතුරට ලක් වී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
ඔහුන් මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මොරන්තුඩුව ප්‍රදේශයේ සිට හොරණ බලා ධාවන වූ ලංගම බස් රථයක පා පුවරුවේ ගමන් කරමින් සිටියදී අසල මාර්ගයේ තිබූ විදුලි කණුවක ගැටීමෙන්.

මෙම අනතුරින් තුවාල ලැබූ පාසල් සිසුන් දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ලංගම බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන පොලීසි වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments

Powered by Blogger.