දුම්රියේ සිඟා කෑ සොයාගත් මුදලින් ගෙවල් තුනක් ගහලා පොතේ ලක්ෂයකුත් ඉතුරු කරලා


සිඟමනේ යෙදී ගෙවල් තුනක් තනා බැංකුවක රුපියල් ලක්ෂ පහක්ද තැත්පත්  කල ඇස් නොපෙනෙ 65 හැවිරිදි යාචකයෙකු දුම්රිය ආරක්ෂක නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


අවුරුදු 25ක සිට මෙම වෘතීයේ නියලෙන බවයි ඔහු සඳහන් කර ඇත්තේ, මෙම මුදල්වලින් තමා ඉදිකළ නිවාස දෙකක් දියණියන් දෙදෙනාට දෑවැද්දට දුන් බවත් කුලියටදීම සඳහා අනික් නිවස තනාගෙන යන බවත් ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට ප්‍රකාහකර තිබෙනවා.

ගම්පහ - කොළඹ කොටුව අතර ධාවනය වෙමින් තිබූ දුම්රියක හිගාකෑමේ යෙදී සිටියදී මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්  විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර  ඒ අවස්ථාවේදීත් ඔහු ළඟ රුපියල් 4000 ක මුදලක් ද තිබි තිබෙනවා.

ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මොහුගේ බිරිය මියගොස් ඇති අතර අවුරුදු 25 ක් තිස්සේ ඔහු දුම්රියවල සහ බස්රථවල සිඟාකෑමේ යෙදී ඇත.

මේ පුද්ගලයා දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇති ආකාරයට මොහු පදිංචිව සිටින්නේද හිඟාකෑමෙන් උපයාගත් මුදලින් හැදූ නිවසකය.  මොහුගේ දියණියන් දෙදෙනාම විවාහවී දරුවන් ද සිටින අතර ඔවුන්ගේ සැමියා ද රැකියාවල යෙදී සිටින්නේ වෙයි.  දියණියන් දෙදෙනාට මෝටර් රථ දෙකක්ද තිබෙන බව ද ඔහු දුම්රිය ආරක්ෂක නිලධාරින්ට පවසා ඇත.

හිඟා කෑමෙන් තමා මාසයකට රුපියල් 150,000  ක පමණ මුදලක් උපයා ගන්නා බවද දෑස් නොපෙනීම මෙසේ ජීවත්වීමට ආශිර්වාදයක් කරගත් බවද ඔහු පවසා ඇත.

 ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදී හෙළිවී ඇත්තේ පිරිසිදුව ඇඳ පැළඳ දුම්රියේ හිඟා කන බවත් ඔහුගේ දියණියන් දෙදෙනා ද මේ පිළිබඳව දන්නා බවයි එමෙන්ම  දුම්රියේ හිඟාකෑමට  යන්නේ එන්නේ  ත්‍රිරෝද රථයකින් බව ද අණාවරනය වී ඇත.

 තම පියා දුම්රිය ආරක්ෂකයින් විසින් අත්අඩංගුවට ගත් බව දැනගත් එක් දියණියක්  කොටුවේ දුම්රිය ආරක්ෂක මූලස්ථානයට පැමිණ ඇත්තේ ඇගේ මෝටර් රථයෙනි.







No comments

Powered by Blogger.