දැරියකට අතවර කිරීමේ සිද්ධියකට චොදනා එල්ලවූ එජනිස මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි





සමාජ ජාල හරහා ආන්දෝලනාත්මක කතාබහකට ලක්වු දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

 සිය ඉල්ලා අස්වීමේ ලිපිය දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙත අද දිනයේ භාරදෙන බව ඔහු කියා සිටියේ.

එජනිස මන්ත්‍රී  ක්‍රිශාන්ත පුෂ්පකුමාර දැරියකට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 28 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණා.

ගාල්ල අක්මීමන ප්‍රදේශයේ පදිංචි බාලවයස්කාර දැරියකට යක්ෂ බැල්මක් ඇති බව කියමින් ඒ සඳහා ශාන්ති කර්මයක් සිදුකරන මුවාවෙන් මන්ත්‍රීවරයා දැරිය අපයෝජනයට ලක්කර ඇති බවයි දැරියගේ පියා ප්‍රකාශ චෝදනා කර තිබුණේ. අදාළ අදාල දැරිය පොලිස් භාරයට ගෙන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී ලිංගික අපයෝජනයන්ට ලක්ව ඇති බව අනාවරණය වුණා.

No comments

Powered by Blogger.