මගීන් සිටියදීම ඇල්පිටිය නවතා තිබූ ලංගම බස් රථය පැහැරගෙන යන CCTV දර්ශන


මාපලගම සිට ඇල්පිටිය හරහා මීගමුව දක්වා දිවෙන ලංගම බස් රථයක් ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තිබියදී නගරයේ සිටි මානසික රෝගියකු බසයේ සිටි මගීන්ද සමඟ බස් රථය රැගෙන යාමේ පුවතක් ඇල්පිටියෙන් වාර්තා වෙනවා.

ඊයේ (13දා) සවස 4ට පමණ මෙම බස් රථය  එහි සිටි මගීන් සමඟ සුපුරුදු පරිදි ඇල්පිටිය බස් නැවතුම්පොළේ නතර කර තබා එහි රියැදුරු සහ කොන්‍ෙදාස්තර තේ බීමට අසල අවන්හලකට ගොස් ඇති අතර, එම අවස්ථාවේ බසයට ගොඩවූ තරුණයකු බස් රථය පණගන්වාගෙන බස් මගීන්ද සමඟ පැයට කිලෝමීටර 40 වේගයෙන් බස් රථය නැවතුම්පොළෙන් බැහැරට ගෙන ගොස් තිබෙනවා.

 ඇල්පිටිය - අලුත්ගම ප්‍රධාන මාර්ගය ඔස්සේ මදක් ඉදිරියට ධාවන වූ මෙම බස් රථය නවතා ගැනීමට හැකිව ඇත්තේ බස් රථයේ සැබෑ රියදුරු ත්‍රීරෝධ රථයකින් අදාල බස් රථය ලුහුබැඳ පැමිණ බසයට ගොඩවීමත් සමගයි.
එම රියදුරු සිද්ධිය මෙලෙස පැහැදිළි කළා.

No comments

Powered by Blogger.