ඊයේ මොරටුවෙන් සොයාගත් හෙරොයින් ප්‍රමාණයේ බර තව වැඩි වෙයි - මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය දර්ශන ඇතුළත් CD පටයක්ද සොයා ගැනෙයි


මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ඊයේ (11) රාත්‍රියේ නැවත පරික්ෂා කර තිබෙනවා. එහිදී අණාවරනය වී ඇත්තේ එහි කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක් තිබෙන බවයි. මීට පෙර එහි කිලෝග්‍රෑම් 161 කට වැඩි ප්‍රමාණයක් තිබෙන බවට පොලිස්  මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

එමෙන්ම අදාළ නිවස තුළ තිබී මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී.තැටියක් ද සොයාගෙන තිබෙනවා.

ඊට අමතරව එම නිවස තුළ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ටී - 56 පතරොම් 2803ක් මිලිමීටර් නවය වර්ගයේ පතරොම් 91ක්, බෝර දොලහ වර්ගයේ පතරොම් 234ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

රම්බෝ පිහියක්, අත්විලංගු දෙකක්, විවිධ පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් 10ක්, ජංගම දුරකථන 25ක්, සිම් කාඩ්පත් 129ක්, රුපියල් 31,830ක මුදලක් ද එම නිවස තුළ තිබී සොයා ගත්තා.

No comments

Powered by Blogger.