විල්පත්තුව – සිංහරාජය වනසංහාරය නිසා බුකිය යළිත් ඇවිලෙයි - Profile Picture මාරුවෙයි


විල්පත්තුව හා සිංහරාජයේ සිදුවන වන සංහාරයට විරෝධය පාමින් බොහෝ Profile Picture අද විල්පත්තුව – සිංහරාජය  සුරැකීම වෙනුවෙන් කැපවෙමු ලෙස මාරූ කර තිබෙනවා.  පහුගිය කාලයේ දිගින් දිගටම මේ පිළිබඳව සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වූ අතර, එහෙත් මේ පිළිබඳව කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීමට කිසිදු බලධාරීයෙක් ඉදිරි පත් වුයේ නෑ.

විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දැවන්ත වන සංහාරයක් සිදුවන බව පහුගිය කාලයේ දිගින් දිගටම අපට අහන්නද දකින්නට ලැබුණු අතර, ඒ පිළිබඳව චෝදනා එල්ල වුණේ රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාටයි.

මේ ගැන සමාජ මාධ්‍ය ජාලා හරහා වැඩි වශයෙන් වාර්ථා කර තිබුණා. මේ කාතාව ආයෙත් කරලියට ඇවිත් තියෙනවා.  ඒ විල්පත්තු භූමියෙන් අති විශාල ප්‍රමාණයක් සංහාරයට ලක් කරලා අවසන් වෙද්දී ලංකාවේ තවත් ජාතික වනෝද්‍යානයක් වන සිංහරාජ ජාතික වනෝද්‍යානයත් විනාශ මුඛයට ඇදගෙන යාම හේතුවෙන්.

තත්වය මේසේ තිබියදී ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ඔහු දැනට දරණ අමාත්‍යංශ විෂයන්ට අමතරව මෙතෙක් අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති වෘත්තීය පුහුණූ හා නිපුණතා සංවර්ධන යන විෂය ද ලබාදී තිබෙනවා.

රිෂාඩ් බදියුදීන් මහතාගේ නව අමාත්‍යංශය කර්මාන්ත හා  වාණිජ කටයුතු, දිගුකාලීනව අවැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන නමින් නම්කර ඇති අතර, මේ පිළිබඳව සමාජයේ අද වන විට දැඩි කතා බහට ලක් වී තිබෙනවා.

දිනෙන් දින විනාශ වන මේ වන සංහාරය නැවැත්වීමට බලකරමින් සමාජමාධ්‍ය ක්‍රියා කාරීන් දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා. එහෙත් තවමත් බළධාරීන්ගේ ඇස් වසාගෙන සිටීම කනගාටුවට කරුනක්.























No comments

Powered by Blogger.